ලැජ්ජා හිතුණාට මේ අත්දැකීමටත් මුහුණ දෙන්න ඕනා...


ළමාවිය ඉක්මවා නව යොවුන් වියට එළැඹෙන දියණියකට කායික, මානසික අභියෝග රැසකට මුහුණදීමට සිදුවෙනවා. මේ කාලයේදී සිරුරේ ද්විතීයික ලිංගික ලක්‍ෂණ මතුවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඇයට නම් එය නුහුරු අත්දැකීමක්. සිරුර වර්ධනය වීමත් සමඟම සිරුර විසින්ම යම් යම් අවශ්‍යතා ඉල්ලා සිටින අතර ඒවා හරිම සාමාන්‍යයි. බ්‍රෙෂියරයක් ඇඳීමේ අවශ්‍යතාවත් එවැන්නකි.

වයස අවුරුදු එකොළහ පමණ වන විට පපු ප්‍රදේශය වර්ධනය වීමේ ලකුණු පහළ වේ.
ඒ වන විට මල්වර වී සිටියත් නැතත් සිරුර වර්ධනය වීම නොනවත්වාම සිදුවේ. කෙමෙන් කෙමෙන් වැඩෙන පපු ප්‍රදේශයත් තන පුඩුවත් ඇඟලා සිටින ඇඳුම් පැලඳුම් මඟින් සැඟවීමට උත්සාහ කළත් එහිදී බ්‍රෙෂියරයක කාර්යය කිරීමට සමත් වෙනත් ඇඳුමක් නැත.
නිල ඇඳුමට යටින් බැනියමක්, පෙට් කෝටයක් අන්දවා දැරිය පාසල් යවන බොහෝ මවුවරු තම දියණියට දැන් දැන් බ්‍රෙෂියරයක අවශ්‍යතාවක්ද පවතින බව වටහා ගැනීමට ප්‍රමාද වේ.


ර්‍ණදුවට දැන් බ්‍රෙෂියර් එකක් අඳින්න කාලය හරි” දුවක් ඉන්න සෑම මවක්ම මේ වාක්‍යය කිවයුතු නිසි කාලය ස්වභාවයෙන්ම අවබෝධ කරගත යුතුය. ඒ වගේම ර්‍ණඅම්මේ මටත් දැන් බ්‍රෙෂියර් එකක් අඳින්න ඕනේ” යනුවෙන් කීමට තරම් අම්මා සහ දුව අතර මනා සහසම්බන්ධතාවක් තිබිය යුතුය. බොහෝ ගැහැනු දරුවන් මෙවැනි කාරණා සම්බන්ධයෙන් ඉතා ලැජ්ජාශීලී වේ. අවශ්‍යතාව තිබුණත් ඒ පිළිබඳ මව සමඟ කතා නොකරන්නේ ඒ නිසාය. නමුත් සඟවාගත 
යුතු ශරීර අවයව ඇඳුම් අතරින් විනිවිද පෙනීම නිසා සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වනවාට වඩා ඒ සඳහා විසඳුම් ලබාගැනීම ඉතා වැදගත්ය.

ජීවිතයේ ප්‍රථම වතාවට බ්‍රෙෂියරයක් අඳින දියණිය මුහුණ දෙන මුල්ම ගැටලුව තමයි මිතුරු මිතුරියන්ගේ විහිළු තහළුවට ලක්වීම. මේ නිසාම බොහෝ දියණියන් බ්‍රෙෂියර් අඳින්න මැළිකමක් දක්වනවා.

බ්‍රෙෂියරය අඳින්නෙ නැත්නම්
පියවුරු විශාල වෙනකල්ම බ්‍රෙෂියර් අඳින්නෙ නැතිව උරපතු නවාගෙන කුදු වෙලා තමන්ගේ පියයුරු සඟවා ගැනීමට උත්සාහ දරන නව යෞවනියන් අපට හමුවෙනවා. මේක පුරුද්දට ගියාම කුදුවෙන්න වුණත් පුළුවන් පසුකාලීනව.
ඒ වගේම තමයි පියයුරු වර්ධනයත් එක්ක දියණියට බලපෑම් කිහිපයක් ඇති වෙනවා. ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වල නිරත වන සහ නර්තනය, ජිම්නාස්ටික් හදාරන දියණියකට බ්‍රෙෂියර් එක අනිවාර්ය වෙනවා. නැතිනම් පැනීම් දිවීම් ආදියේදී පියයුරු සෙලවීම නිසා වේදනාවට ලක්වීම වගේම අන් අයගේ සමච්චලයට ලක්වීමටත් සිදුවෙනවා.

අලුත් අත්දැකීමක්
පියයුරු වර්ධනය වීමත් එක්ක ඇය සමාජයට මුසුවීමට බියක් දක්වනවා. බ්‍රෙෂියර් එක ඇන්දට පසු ඇඟට හිර ඇඳුම් විනිවිද පෙනෙන සහ සැහැල්ලු ඇඳුම් ඇඳීමට මැළිකමක් දක්වන්න පටන් ගන්නවා. ඒ වගේම නිතරම මිතුරියන්ගෙන් අහන්න ගන්නවා ර්‍ණපේනවද, කැතැයිද” කියලා.

බ්‍රෙෂියරයට කැමැති නැද්ද
මේ විදියට එක පුංචි හේතුවක් නිසා ඇය විශාල මානසික පීඩනයකට ගොදුරු වෙනවා. ඒ වගේම නුහුරු බව සහ සිරුරට අධික ලෙස සිරවූ බ්‍රෙෂියර් ඇඳීම නිසාත් ගැටලුවලට ලක්වෙනවා. මේ විදියට අකැමැත්තෙන් බ්‍රෙෂියර් අඳින නිසා සමහර දියණියන් ආසාදනවලට පවා ලක්වෙනවා.
අමුතු ඇඳුමක් නෙවෙයි
බ්‍රෙෂියර් එකක් කියලා කියන්නෙත් සාමාන්‍ය යට ඇඳුමක්. එහි කිසිම අමුතු විශේෂත්වයක් නැහැ. ඕනෑම යුවතියක් සිරුරේ හැඩය පවත්වාගන්න වගේම පියයුරුවල ආරක්‍ෂාව වගේ දේවල් හේතුකරගෙන බ්‍රෙෂියර් එකක් අඳිනවා.

බ්‍රෙෂියර් විලාසිතා
ඒ වගේම තමයි මුලින් කිව්වා වගේ අත් රහිත, විනිවිද පෙනෙන ඇඳුම් අඳින දියණියක් නම් ඇයටත් බ්‍රෙෂියර් ඇඳීමේ ගැටලුවක් නැහැ.
පටි රහිත හා කළු පැහැති, සමේ පැහැයට හුරු ආදී ලෙස විවිධ වර්ගවල බ්‍රෙෂියර් වර්තමාන වෙළෙඳපොළ තුළ තිඛෙනවා.

ක්‍රීඩා කරන දුවලට
ක්‍රීඩා, නර්තන වැනි කටයුතුවල නිරතවන දියණියටත් බ්‍රෙෂියර් එක කියන්නේ ඉතාම වැදගත් දෙයක්. එයට හේතුව බොහෝ විට දිවීම, පැනීම සහ විවිධ නර්තන අභ්‍යාසවලදී අනවශ්‍ය පරිදි පියයුරු ගැස්සීම, සෙලවීම වැනි දේ වළක්වා ගැනීමට මෙන්ම සිරුරේ ලාලිත්‍යය පවත්වා ගැනීමටත් පියයුරු වැදගත් වීමයි.
නරක පුරුද්දක්
නුහුරු බව සහ අපහසු බවක් දැනෙනවා නම් අවශ්‍ය වෙලාවට පමණක් බ්‍රෙෂියර් එකක් ඇඳගෙන ඉඳලා පසුව නිවෙසේ සිටින විට බ්‍රෙෂියරයක් භාවිත නොකර සිටීමට හැකියි. නමුත් පියයුරුවල හැඩය හා ලස්සන ගැන සලකා බැලුවොත් එය එතරම් හොඳ පුරුද්දක් නොවේ.

ආසාදනය වෙනවාද
එසේම තමාට ආසාදන වැනි ගැටලු ඇතිවෙනවා නම් වෛද්‍යවරියක, හෙදියක හරහා ඖෂධ හා ආලේපන ලබා ගැනීමටත් සුදුසුයි. ආසාදන ඇති නොවන වෙලෝනා, කපු වැනි රෙදි වර්ගවලින් නිෂ්පාදිත බ්‍රෙෂියර් ඇඳීමටත් හැකියාව තිඛෙනවා.

එම නිසා බ්‍රෙෂියරයක් භාවිත කිරීම විශාල ගැටලුවක් ලෙස සැලකීමට අවශ්‍ය නැහැ. නමුත් බ්‍රෙෂියරයක් ඇඳීම අත්‍යවශ්‍ය කාරණයක් කියන එක අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. ප්‍රථම වරට බ්‍රෙෂියරයක් ඇඳීමට ඇති ලැජ්ජාවට ප්‍රධාන හේතුවක් ලෙස තමන් දැන් මහ ගැහැනියක වී ඇති බවට දැනෙන හැඟීමත් අම්මලා අඳින ඇඳුමටත් අඳින්න වුණා නේ යනුවෙන් දැනෙන හැඟීමක් හඳුනාගත හැකිය. නමුත් දැන් එසේ ලැජ්ජා විය යුතු කාලයක් නොවේ. බ්‍රෙෂියරය යන නමට පවා ලැජ්ජාවෙන් ඇඹරෙන දුවලට දැන් ඒ වෙනුවට ්‍ය්කෙ ඇිඑ යනුවෙන් නිෂ්පාදිත නව යෞවනියන් වෙනුවෙන්ම මසන ලද ඉතා හැඩකාර හුරුබුහුටි නව විලාසිතාවේ බ්‍රෙෂියර මිලදී ගැනීමට හැකියාව ඇත.